Pages

Saturday, May 7, 2011

මට නම් ගේම් එපා වෙලා. දැන් ගහන්නෙ........... ගේම්

මම නම් බ්ලොගර් වලට තාම අළුත්. අළුත් කිව්වට අළුත්ම නෑ. මම හිතන්නේ මේ මම ලියන 16 වෙනි ලිපිය. පාළුව මැකෙන්නත් එක්ක මම මේක ලියන්න පටන් ගත්තේ. දැන් ඉතින් ඉතින් බ්ලොග් කිව්වොත් ඕන තරම් තියෙනවා. මගේ එක් විනොදාංශයක් තමයි බ්ලොග් කියවන එක. හ්ම්ම්.... ඉතින් කියන්න දෙයකුත් නෑ. කියන්න දෙයක් නැහැයි කිව්වට කියන්න දෙයක් තියෙනවනෙ.
හොද ගේම් එකක් ආවයි කිව්වොත්...
මම ඒක අනිවාර්යෙන්ම ගන්නවා. ගන්නවා විතරක් නෙමෙයි ගේම් එක කාලා වතුරත් බොනවා. ඒ දවස් වල මගේ හිතට අල්ලන්නෙ හොද කොලිටිය තියෙන ආමි ගේම් තමයි. Need for speed වලටත් ආසයි. කාර් ගේම් වලින් ආස Need for speed වලට විතරයි. ඒවයි විතරයි ටිකක් ගතියක් තියෙන්නෙ. ඒත්.... ඒත් කිව්වෙ? ඒත් කිව්වෙ දැන් මට ටිකක් ගේම් පිස්සුව අඩුයි.
ඉස්සර තිබ්බ ගේම් පිස්සුව.. පිස්සුව කින්නෙ උදේ 7 ට පටන්ගත්තොත් පැයක් ගහනවා. එපාර පොඩි බඩගින්නක් එන හින්දා පොඩ්ඩක් කනවා. කනවා නෙමෙයි ගිලිනවා. ඉතින් කෑවයින් පස්සේ දන්නවනේ...... ආපහු යනවා ගේමර් ගාවට
ගිහිල්ලා ඉතින් ගහනවා. කොහොමහරි ගේම ඉවරයක් කරලා තමයි නවතින්නෙ‍. දන්නවද එතනින් නැගිටින්නෙ කියලා? දවසක් එතනින් නැගිටිනටකාට වෙලාව 3 යි. හ්ම්.....හිතන් ඉන්නෙ වෙලාව තාම 12යි කියලා. මොනවා කරන්නද එපාර ඉතින් ටිකක් කාලා පොඩ්ඩක් නිදාගන්නවා. ආපහු රෑට...........

ඔන්න ඔහොම තමයි ගේමක් හම්බුනාම. දැන් මට ගේම් එපා වෙලා... මම දැන් කැමති පොඩි පොඩි ගේම් ගහන්න. Age of empire වගේ ඒවා......... අන්න ඒව තමයි දැන් මට අල්ලන්නෙ.

මේ දවස් වල මම ගහන්නෙ farm frenzy කියලා ගේම් එකක්. මේක ගහන්න හොද හැසිරවීමේ වේගයක් තියෙන්න ඕන. ටිකක් ගහනකොට වේගෙ පුරුදු වෙන්න පුළුවන්. ගහන්න කැමති අය මේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක ටොරන්ට් ෆයිල් එකක් හොදේ.........ඒ හින්දා ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක ඕන හොදේ........

Download UTorrent
Download Game ( Farm frenzy 3 madagascar)

ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්න දන්නෙ නැත්තං කමෙන්ට් කරලා අහන්න.

No comments:

Post a Comment