Pages

Java

මමත් හරිම ආසාවෙන් ඉන්නේ java ඉගෙනගන්න. ඉතින් දවසක් මට හිතුනා ජාවා පාඩම් ටිකක් internet එකේ හොයලා බලන්න. සිංහල එකක් නම් වඩාත් හොදයිනේ. ඉතින් ඒ නිසා මම ගූගල් සර්ච් වල ජාවා කියලා සිංහලෙන් ගැහුවා. ඊටපස්සෙ පේළියට ආවා අපේ ලංකාවේ සිංහල බ්ලොග් වගයක්. මම ඉතින් හොදට හොයලා බලලා තමයි දෙයක් තෝරගන්නේ. මෙහෙම තෝරගෙන යනකොට මට හමුවුනා හොද ජාවා පාඩමක්. ඒක ටිකක් හිතට ඇල්ලුවා. මේක ටිකක් කියවාගෙන යනකොට තේරුණා හොද බ්ලොග් එකක් කියලා. හැබැයි මේකේ පාඩම් දාලා තිබුණේ තරමක් දුරට විතරයි. ඒ අයියට වෙලාවක් නැතිවෙන්න ඇති ඒ ටික ලියන්න. එයා කැම්පස් එකේ ඉන්ජිනියරිං වලට ඉගෙන ගන්නවා. වෙලාවක් හම්බවුණහම ලියාවි ඉතුරු ඒවා. මම ඊමේල් එකක් යවලා මේ අයියගෙන් ඇහුවා එයා කැමතිද කියලා එයාගේ ලිපි ටික මම මගේ බ්ලොග් එකට දානවට. එයා අද ඊමේල් එකක් එවලා තිබුණා කැමතියි කියලා. එයා දාපු පාඩම් ටික මම අද ඉදන් දානවා. එයා ඉදිරියට ලිව්වොත් ඒවත් දානවා. එහෙනම් වැඩේ කරන් යමු....



පරිගණක වැඩසටහන්

මුලිනම අපි පරිගණක වැඩසටහනක් කියන්නෙ මොකක්ද කියලා දැනගමු. අපිට අවශ්‍ය කාර්යයක් පරිගණකය ලවා කරගැනීමට පරිගණකයට යම් විධානයන් සමූහයක් දෙන්න ඕන. මේ විධානයන් ටික දෙන්න ඕන පරිගණකයට අවබෝධ වෙන ආකාරයටයි. මේ සදහා  පරිගණකයට තේරුම්ගත හැකි ආකාරයට විධාන ලිවිය යුතුය. ඒකට තමයි විශේෂ කේතන භාෂාවකින් ලියූ පරිගණක වැඩසටහන් භාවිතා කරන්නේ. පරිගණක වැඩසටහනක් කියන්නේ කේතන භාෂාවකින් ලියූ වධාන එකතුවකටයි.

දැන් බලමු කේතන භාෂාවක් කියන්නෙ මොකද්ද කියලා...
ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ්  එකක් කියන්නෙ පරිඝණකයක් වැනි යන්ත්‍රයක් ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඒ යන්ත්‍රය මෙහෙයවන්න පුලුවන් විධාන ලියන්න පුලුවන් කෘතීමව නිර්මාණය කරගත් භාෂාවකටයි.

පරිගණක වැඩසටහනක් ලියනවා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් දෙයක් ලියනවා වගේ නෙවේ. ඉංග්‍රීසි වල ග්‍රැමර් හරියට නොතිබ්බත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් පරිගණක භාෂාවෙන් ලියූ විධාන හෙවත් සින්ටැක්ස් හරියටම තියෙන්න ඕන. මොකද අපි විධානය ලබා දෙන පරිගණකයට හෝ යන්ත්‍රයට අපට වගේ හිතන්න බෑ. ඒ නිසා සින්ටැක්ස් හරියට නොතිබ්බොත් ඒවාට ඒක තේරුම්ගන්න බෑ.

ඉතුරු ටික පස්සේ......

No comments:

Post a Comment