Pages

Friday, March 25, 2011

ගූගල් ඇඩ්සෙන්ස්



ඇඩ්සෙන්ස් යන්න පිළිබද තවමත් බොහෝ දෙනා නොදනී. මෙය වෙනත් රට වල සාමාන්‍ය තරමින් ප්‍රචලිත වුවත් ලංකාවේ තවමත් ඒ පිළිබද ව දන්නේ ඉතා සුළු කොට්ඨාශයකි. එනම් ලංකාවේ සිටින අපට මෙය අලුත් දෙයකි. ඇඩ්සෙන්ස් සේවාවන් කිහිපයක් පවතී. ඒවායින් ජනප්‍රියතම සේවාව වන්නේ ගූගල් ඇඩ්සෙන්ස්ය. වැඩිම ආදායමක් ලැබෙන්නේ ද ගූගල් ඇඩ්සෙන්ස් මගිනි.

වැඩිම ලාභයක් ලැබෙන්නාසේම ඉතා තද නීති පද්ධතියකින් ද සමන්විත වේ. වංචා කිරීමෙන් කිසිසේත්ම මුදල් උපයා ගත නොහැකිය. සමහරවිට මෙහි සිදුවන දෙය ඔබ නොදන්නවා ඇත. මුලින්ම ඒ පිළිබද ව දැන ගත යුතුය. එය ඉතා වැදගත්ය. මෙහි සිදුවන්නේ දැන්වීම් ප්‍රචාරය කිරීමකි. ගූගල් ඇඩ්වර්ඩ්ස් මගින් විවිධ වෙළෙදුන්, වෙබ් අඩවි පාලකයන් වැනි අය දැන්වීම් සකසයි. ගූගල් සමාගම, ඒ නිපදවූ දැන්වීම් ප්‍රචාරය කිරීම සදහා විවිධ වෙබ් අඩවි වලට හෝ බ්ලොග් වලට ලබා දෙයි. එම දැන්වීම් මත ක්ලික් වූ වාර ගණනට සරිලන ලෙස දැන්වීම්කරුවන්ගෙන් ගූගල් සමාගම මුදල් අයකරගනී. එම ලැබෙන මුදලින් සුළු කොටසක් දැන්වීම් ප්‍රචාරකයන්ට ගෙවයි. ගූගල් ඇඩ්සෙන්ස් යනු මෙයයි.

No comments:

Post a Comment