Pages

Saturday, March 26, 2011

ඇඩ්සෙන්ස් කරද්දී බලාගෙන

මීට පෙර මම ඔබට ඇඩ්සෙන්ස් කියන්නේ මොකක්ද කියලා කියාදුන්නා. ඒකෙදි මම කිව්වා ගූගල් ඇඩ්සෙන්ස් වල නීති පද්ධතිය තදයි කියලා. ඒ නිසා ඒ පිළිබද ව හරිහැටි දැනීමක් නැතිව මේක කරගෙන යන්න අමාරුයි. ඉතින් ඒ නීති මොනවද කියලා කියන්නයි මම දැන් සූදානම් වෙන්නේ......
ඇඩ්සෙන්ස් කරන්න නම් අවුරුදු 18 ට වැඩිවෙන්න ඕන. ඔබගේ වයස අවුරුදු 18 ට අඩු නම් වැඩිහිටියෙකුගේ නම භාවිතා කළ හැකිය. ඇඩ්සෙන්ස් මගින් උපයා ගත් මුදල ලැබෙන්නේ චෙක්පතක් මගිනි. ඒ චෙක්පත එන්නේ අපගේ නමටය. ඇඩ්සෙන්ස් ගිණුම් 2ක් පවත්වාගෙන යාම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අසුවුණොත් ගිණුම් 2ම ක්‍රියාවිරහිත කරයි. එපමණක් නොව නැවත ගිණුමක් සෑදීමට ද නොහැකිය.
ගූගල් ඇඩ්සෙන්ස් කණ්ඩායම දැන්වීම් ප්‍රචාරකයාගේ විශ්වාසය තහවුරු කරගෙන ඉදිරියට යෑම සදහා විවිධ දත්ත ලබා ගෙන ඒවා විශ්ලේෂණය කොට ප්‍රචාරකයා පිළිබද ව නිගමනයකට එලැබෙයි. එම දත්ත වලින් ප්‍රචාරකයා පිළිබද ව අවිශ්වාසයක් ඇති වූවා නම් එසැනින්ම ඔහුගේ ගිණුම අවලංගු කරයි. මෙලෙස විශ්වාසය බිද හෙලීමට හේතු කිහිපයක් පහත දැක්වේ.

  • පිටු ප්‍රදර්ශනය වූ වාර ගණනට වඩා ඇඩ් ක්ලික් වූ වාර ගණන අසාමාන්‍ය ලෙස වැඩිවී තිබීම. (වෙබ් අඩවිය දවකට නරඔන්නන් ගණන අඩුනම් මෙය බලපෑමට ඉඩ ඇත.)
  • නිතර නිතර වෙබ් අඩවියට වෙබ් ලිපිනය පමණක් භාවිතා කර ඇතුළු වීම.
  • එකම පරිගණකයකින් හෝ එකම  අන්තර්ජාල සබදතාවයකින් වෙබ් අඩවියට පිවිස ඇඩ් මත ක්ලික් කිරීම.
ගූගල් ඇඩ්සෙන්ස් කණ්ඩායම මෙලෙස විවිධ හැසිරීමු යොදාගෙන ප්‍රචාරකයාගේ විශ්වාසය නිරන්තරයෙන් විශ්ලේෂණය කරයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ දැන්වීම්කරුවාට උපරිම, ගුණාත්මක සේවාවක් ලබාදීමයි. නීති පද්ධතිය තදට ඇත්තේ ඒ නිසා ය.

No comments:

Post a Comment