ලංකාවේ හැමොගෙන්ම මෙහෙම ඇහුවයි කියලා හිතමු. වැඩි නරඔන්නන් පිරිසක් එන්නේ වෙබ් සයිට් එකකටද නැත්නම් බ්ලොගයකටද? මේකට වැඩි දෙනෙකුගෙන් හම්බවෙන පිළිතුර තමයි වෙබ් සයිට් කියන එක. ටික දෙනෙක් කියාවි බ්ලොගයකට කියලා. ටික දෙනා කියන දේ තමයි හරි. ඒ කියන්නේ වැඩි දෙනෙක් එන්නේ බ්ලොගයකට. එහෙම වෙන්නේ මොකද? මම පැහැදිලි කරන්නම්.....
මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලා කැමතිද හැමදාම එකම දෙය තියෙන වෙබ් අඩවියකට යන්න. හැමෝම දෙන පිළිතුර තමයි නෑ කියන එක. ඒ කියන්නේ හැමෝම කැමති නිතර නිතර අළුත් දෙයක් එකතු වෙන නැත්නම් නිතර අප්ඩේට් වෙන වෙබ්පිටුවක් නරඹන්න. එහෙනම් අපි අපේ වෙබ් අඩවියට හෝ බ්ලොගයට දාන්න ඕන. නිතරම අළුත් දේවල් දාන්න ලේසි බ්ලොග් වලය. ඒ නිසයි බ්ලොග් අඩවි මෙච්චර ප්‍රචාරය වෙන්නේ.
දැන් ඔයාලා මෙහෙම හිත්න්න. මම හැදුවා හොදට ලස්සන ඇනිමේෂන් දාලා වෙබ් සයිට් එකක්. ඒක මම ඉන්ටර්නෙට් එකටත් දැම්මා. මම ඔයාලටත් කිව්වා මෙහෙම සයිට් එකක් මම පබ්ලිෂ් කරයි කියලා. ඉතින් ඔයාලා පළවෙනි පාර ඒකට යාවි. ගිහිල්ලා ඒකෙ ලස්සන හොදට බලාවි. ඒත් දෙතුන් පාරක් යනකොට ඒකෙ කලින්ට වඩා අළුත් දෙයක් නැත්නම් ඔයාලට ඒකට යන්න එපාවේවි. ඒත් බ්ලොග් එකක් මේ වගේ වෙන්නේ නෑ. දිනපතා අළුත් දෙයක් එක් කළොත් දිනෙන් දින නරඹන්න් ගණන අඩුවෙන්නේ නෑ වැඩිවෙනවා මිසක්. හැබයි එහෙම වෙන්නේ අපි දිගටම මේක කරගෙන ගියොත් විතරයි.
වෙබ් පිටුවක් අලංකාරව තිබ්බට මදියි. නරඹන්නන්ට අවශ්‍ය තොරතුරු තියෙන්න ඕන. ඒතකොටයි ඔවුන් එන්නේ. මේලෙස විවිධ සයිට් වල බ්ලොග් කරන්න පුළුවන්. Blogger, Wordpress, Drupal කියන්නේ ඒවායින් කිහිපයක්. මේ තුන තමයි වැඩියෙන් භාවිතා කරන්නේ. මෙම සේවාවන් සියල්ලම නොමිලේ.
ආහ් තව එකක් කියන්න අමතක වුනා. ඇඩ්සෙන්ස් කියන එක ඔයාලා දන්නවා ඇතනේ. මම කලින් දවසක ඔයාලට ඒ ගැන කිව්වා. ඇඩ්සෙන්ස් කරන්න පහසුම, හොදම ක්‍රමය තමයි බ්ලොග්කරණය.
තවත් ලිපියකින් හමුවෙමු........
No comments:
Post a Comment